Colombo Today Local News

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාට අද (15)දින නොතීසි නිකුත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධාවක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබදව නිතිපතිවරයා විසින් නිර්දේශයන් දෙකක් ලබාදෙනු ලැබ තිබියදීත්, පොලිස් ආඥා පනතේ පොලිස් නියෝග යටතේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධිය අද (15)දින අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වී ඇත.

Related posts

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

අම්පිටියේ හිමි බලන්න ජනපති මංගලාරාමයට යයි

colombotoday