Colombo Today Local News

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

chathura

එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවප්‍රාප්තවීමෙන් පුරප්පාඩු වූ ඉඩම් අමාත්‍ය ධූරය, මන්ත්‍රී ධූරයත් තම පක්ෂයට හිමිවිය යුතුයැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය පවසයි.

මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (25) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය විසින් කැඳවා තිබුණි.

චතුර සේනාරත්න මහතා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹි අතර ඒ ගිවිසුම අනුව මෙම පත්වීම් තම පක්ෂයට ලැබිය යුතු බව නියෝජ්‍ය නායක ශ්‍රීලාල් රෝහණ මහතා එහිදී පවසා සිටියේය.

මෙම තීරණය අද (25 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්‍ෂයේ නායකයන්ට දැනුම් දෙන බව ද රාජිත සේනාරත්න මහතා හරහා අගමැතිවරයාගෙන් මේ සඳහා විශේෂ ඉල්ලීමක් සිදුකර සිටින බවද ඹහු පවසා සිටියේය.

එසේම එම ධූරය ලබා ගන්නා ලෙස චතුර සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇතත් තම පක්ෂය මේ සම්බන්ධයෙන් නිල තීන්දුවක් ගෙන නොමැති බවද ඔවුන් සඳහන්කර සිටියේය.

Related posts

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

විමලවීරගේ සහයත් රනිල්ට

Admin

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

colombotoday

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

colombotoday