Colombo Today Local News

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කර මින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මෙය ශ්‍රි ලංකා යුද හමුදා ඉතිහාසයේ හමුදාපතිවරයකු ලබා ඇති ඉහළම ගෞරව සම්මානය වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම ශ්‍රි ලංකිකයා වන්නේ ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව සඳහන් වේ.

තරු හතරේ ජෙනරාල්වරයකු වන මහේෂ් සේනානායක මහතා ට ගෞරව සම්මානය පුදකිරීමේ උත්සවය පසුගිය (16) දින ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී පැවත්වීය.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව හදාරා ඇත්තේ 2000 වසරේ දීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 1981 වසරේ ශිෂ්‍ය භට නිලධාරියකු වශයෙන් යුද හමුදාව එක්ව ඇති අතර 1983 වසරේ අතී දක්ෂ නිලදාරියා ලෙස ගෞරවනීය අසිපත දිනාගන්නට සමත් වුහ.

උතුරු නැගෙනහිරමෙහෙයුම් සදහා සක්‍රිය දායකත්වය දක්වමින් අවසන් සටන් සමයේ යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

2017 – 2019 දක්වා ඔහු ශ්‍රි ලංකා යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර වසර 38 ක යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

Related posts

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ- බන්දුල

colombotoday

ද. ආසියාවේ අඩු බර දරුවන් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉහළට

colombotoday

බැදුම්කර වාර්තාවේ හංගපු නම් ටික එළියට….

colombotoday

මඩකලපු කම්කරු උසාවියේ විනිසුරු මොහොමඩ් ශියාන් අත්අඩංගුවට – අවුරුදු ගණනාවක් රියදුරුගේ වැටුප් හොරාට අරගෙන

colombotoday

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday