Colombo Today Local News

විදේශීය යාත්‍රාවලට ශ්‍රී ලංකා ධජය යටතේ මෙරටට අයත් මුහුදේ ධීවර කටයුතුවලට රජය අවසර දෙයි

sl fisheryවිශාල ප්‍රමාණයේ විදේශීය ධීවර යාත්‍රාවලට ශ්‍රී ලංකා ධජය යටතේ මෙරටට අයත් ජාත්‍යන්තර මුහුදු තීරයේ මසුන් මැරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරි සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.සී.එල් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙලෙස විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම මෙරට ධීවරයන්ට තර්ජනයක් නොව සහයක් වන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති අතර, මාර්තු මාසය අවසන් වනවිට ඒ පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබාගත හැකි වනු ඇති බවයි ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

Related posts

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

Admin

අස්ගිරිය නිහඩතාවය බිදී.. ‘සංහිදියාවට මුවාවී බෞද්ධ මර්ධනයක්‘ මහා නාහිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin