Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට භාර දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත.

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

Related posts

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

colombotoday

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට

Admin

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල අසළ සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්න උපදෙස්

colombotoday