Colombo Today Local News

හජ් වන්දනා කෝටාව පන්දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලයි…

ශ‍්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කෝටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සෞදි අරාබියානු රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ සිටින සෞදි අරාබියානු තානාපති අබ්දුල් නාසර් අල් – හරින් මහතා හරහා  සෞදි අරාබියානු හජ් සහ උමිරා කටයුතු භාර අමාත්‍ය ආචාර්ය සාලිහ් බින් මුහම්මද් තාහිර් බන්දන් සහ දකුණු ආසියානු කලාපීය හජ් කටයුතු ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රබත් ඉබිනු ඉබිරාහිම් බදර් යන මහත්වරුන් වෙත යොමු කර තිබේ.

හජ්වන්දනාව සඳහා වසරක් පාසා දසදහසකටත් අධික ශ‍්‍රී ලාංකික බැතිමතුන් ඉල්ලූම් කරන අතර අවසර ලබා දෙන්නේ තුන්දහසකට පමණකි.

මෙවර හජ්වන්දනාවට ශ‍්‍රී ලංකාවෙන් වන්දනාකරුවන් පන්දහසක් සඳහා අවසර ලබා දෙන ලෙස හිස්බුල්ලා මහතා  සිය ලිපියෙන් ඉල්ලා  ඇත.

Related posts

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

colombotoday

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

බැලුම් පුම්බපු කාලෙ ගියා බීමත් රියැදුරන් අල්ලන්න ලංකාවට ගෙනාව අලුත්ම උපකරණය

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

colombotoday