Colombo Today Local News

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (sltc) සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වළක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔවුහු එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවද පවසති.

සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල ඇති බවත් ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවත් දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

දේශපාලන කටයුතු සඳහා ඉදිරියේදී මෙම දත්ත යොදාගත හැකි බවට සැකයක් ඇති බවත් මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සඳහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබඳවද ගැටලුවක් මතුවන බව එම සංවිධානයේ අදහසයි.

Related posts

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday