Colombo Today Local News

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩලයට  සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුඳා (27) වනවිට අවසන් කිරීමට නියමිතව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු  සඳහා පත්කිරිම්  සියල්ලක්ම මේ වනවිට අවසන් අදියරේ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පක්ෂ කෘත්යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික  සංවිධායක නවීන් දිසානායක,  මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ  අනුමැතිය යටතේ සිදුකර ඇති බවද හෙතෙම පැවසීය.

එමෙන්ම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සදහා ඡන්දයක්  නොපවත්වන ලෙසට   එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කළ ඉල්ලිමට අනුව අර්බුදයකින් තොරව  එය විසදාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක්‍රමවේදයක් සකසමින් සිටින බව හිටපු සභානායක  පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 

Related posts

අනුරගේ බලු වැඩේ ඇත්තටම හොඳයි!

colombotoday

හදිසි විදුලිය මිලදී ගැනීමකට කොමිෂන් සභාවේ අවසරය

colombotoday

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

ලංකාවේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්තයෙක් ගැන ඉන්දීය බුද්ධි අංශ හෙළිකරයි !

colombotoday

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday