විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතිකයින් 151 දෙනෙකු ඊයේ (22)දින රාත්රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බව වාර්තාවේ.
පැමිණි නාවිකයින්ගෙන් 11 දෙනෙකු කටාර් රාජ්ය වෙත පිටත්ව යාමට නියමිත අතර සෙසු නාවිකයින් 140 දෙනා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණ තිබේ.
ඔවුන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ද ලක් කර තිබේ.