World

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

මරණ දඬුවමට යටත්ව සිටි ඉරානයේ ජනප්‍රිය මල්ලව පොර ශුරයෙකු වන “නවීඩ් අෆ්කාරීට” එරෙහිව අද එම දඬුවම ක්‍රියාත්මක කළ බව එරට රජයේ ප්‍රවෘත්ති සේවය වන IRNA ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටිනවා.

ඒ, 2018 වර්ෂයේදී ඉරාන රජයට එරෙහිව දියත් වූ විරෝධතාවක්‍ අතරවාරයේ දී එරට ජල සම්පාදන මණ්ඩල කාර්යාලයේ මුරකරුවෙකු ලෙස කටයුතු කළ හසන් ටුක්මාන් නමැති පුද්ගලයෙකු ඝාතනය කිරිමේ චෝදනාව සම්බන්ධවයි.

ඉරානයේ ජනප්‍රිය මල්ලව පොර ශුරයෙක් වන නවීඩ් අෆ්කාරිට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ඇතුළු ලෝක බලවතුන් සහා ක්‍රීඩා සංවිධාන රැසක් ඉල්ලීම් සිදුකර තිබුණු පසුබිමක ඉරාන රජය විසින් එම මරණ දඬුවම අද දිනයේදී ෂිරාස් බන්ධනාගාරයේදී ක්‍රියාත්මක කළ බවයි එරට අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

මල්ලව පොර ශුර නවීඩ් අෆ්කාරි ප්‍රකාශ කර සිටියේ තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බවත් අසත්‍ය ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා තමන්ට වද හිංසා පැනවූ බවයි.

කෙසේ වෙතත් ඉරාන අධිකරණය නවීඩ් එල්ල කළ හිංසන චෝදනා අසත්‍ය බවට ප්‍රකාශ කළ අතර ඔහු මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අයෙක් ලෙස නම් කොට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

නවිඩ් අෆ්කාරී ගේ අතින් ඝාතනය වූ බව කියන පුද්ගලයා ගේ පවුලේ ඥාතින් ඊට අදාළ වන්දි මුදල් හෝ සමාව ලබාදීමට සුදානම් නොමැති බව දැන්වීමත් සමග නවීඩ් එරෙහිව පැනවූ මරණ දඬුවම ස්ථිර වුවා.

නවීඩ් අෆ්කාරිට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමත් සමග ඉරානයට ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රීඩා තරග වලට සහභාගී වීමේ ගැටළුවක් පැන නැගී තිබෙනවා. 

ඒ සාමාජිකයින් 85,000 කට අධික සංඛ්‍යාවක් හිමි ලෝක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සම්මේලනය පසුගියදා අනතුරු අඟවමින්ය.

Related posts

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday