Colombo Today Local News

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

ලෙබනනයේ සිදු වූ පිපිරීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබු පිරිස් ඇතුළු එරට වැසියන්ට ශ්‍රී ලංකා රජයේ ශෝකය පළකර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලෙබනන් ජනාධිපති මයිකල් ඕන් මහතා වෙත එම ශෝක පණිවිඩය යොමුකර ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.

පිපිරීමෙන් මේ වනවිට පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් 5000ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු ද වන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

“බෞද්ධයෝ වෙනස් කමක් කලේ නෑ. වෙළදාමේ ආව මුස්ලිම්වරුන්ට ගෑනුත් දුන්නා.” යැයි කියමින් ත්‍රස්තවාදී හජ්ජුල් අක්බාර්ව නිදහස් කරන්නැයි ඉෂාක් රහුමාන් ඉල්ලයි.

colombotoday

යාපනය කෝපායි – 83% ප්‍රතිශතයකින් සජිත් මුලට…

colombotoday

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin