Colombo Today Local News

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

forsaleලබන වර්ෂයේදී (2017) රජයට අයත් ව්‍යාපාර ආයතන ගණනාවක රාජ්‍ය අයිතිය කොටස්‌ වෙළෙඳපොළ හරහා විකුණා දැමීමට මෙවර අය-වැයෙන් මුදල් අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක්‌ ( දළ වශයෙන් රු. කෝටි 15,000ක්‌) පමණ මුදලක්‌ උපයා ගැනීමට රජය ඉලක්‌ක කර ඇත.

එම ආයතනවල රාජ්‍ය අයිතිය විකුණා දැමීම සඳහා එම ආයතන මුලින්ම කොටසක්‌ වෙළෙඳ පොළේ ලියාපදිංචි කිරීමට නියමිතය.

එසේ තෝරාගෙන ඇති ආයතන අතර හයට්‌, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, වෝටර්ස්‌එජ්, හිල්ටන් හෝටලය, හම්බන්තොට සෝල්ට්‌ සහ මන්තායි සෝල්ට්‌ යන ආයතන තිබේ.

මෙම රාජ්‍ය අයිතිය විකිණීමෙන් ලබා ගන්නා මුදල් යොදාගෙන ඉහළ පොළී සහිත ණය මුදල් පියවීමට යොදා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

මේ ආයතනවලට අමතරව තවත් ආයතනවලද රාජ්‍ය අයිතිය කොටස්‌ වෙළෙඳ පොළ හරහා විකුණා දැමීමට නියමිත අතර ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.

අය-වැය මෙසේ සඳහන් වුවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය කාලයේ වරක්‌ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

එසේ වූවත් එම යෝජනාව මෙවර අය-වැයට ඇතුළත්ව තිබේ.

මේ අතර පාඩු ලබන ආයතනයක්‌ වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සහ මිහින් ලංකා ආයතනය පුද්ගලික අංශයත් සමඟ සම්බන්ධ වී නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට නියමිත අතර මිහින් ලංකා සමාගමේ කටයුතු දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒකාබද්ධ කරනු ලැබ ඇත.

Related posts

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

colombotoday

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday

සයින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොද වැඩක්… කලබල වෙන්න තරම් දෙයක් නෑ…

colombotoday