Colombo Today Local News

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයිද පැවැසේ.

නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද ඇතුළත්වන අතර කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපතිවරයා  ඊයේ (13) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ලබාදීමට එඟතාවය පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා පස්වරුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදි.

Related posts

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

colombotoday