Colombo Today Local News

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාට නාමයෝජනා ලබාදීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අනිද්දා කළ විමසීමකදී රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ තමා ඉදිරි මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කර තිබුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉහළ ඉල්ලූමක් ඇති බවය.

තමාට චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් තමා විවේචනය කළත්, මේ වන විට ජනප‍්‍රියත්වය වැඩිවී ඇති නිසා බොහෝ අය තමා සමග හිතවත්ව කතා කරන බව ඔහු කීය.

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඩපට ප‍්‍රසිද්ධ වීමෙන් පසුව ජනවාරි 08 වැනිදා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කර තිබුණි.

Related posts

චීන ෂි යෑන් 6 නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දී නැහැ – ඇමති අලි සබ්‍රි කියයි

Admin

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටෙයි

colombotoday

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

වසර අවසානයට පෙර ජල ගාස්තු වැඩි කරනවා – හකීම්

colombotoday