Colombo Today Local News

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට හෙළි කළ යුතුයි-රනිල්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත ඊයේ(25) ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ 2018 වසරේ දී ආර්ථික දර්ශක රැසක ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මේ වන විට පසුබෑමකට ලක්ව ඇති බවයි.

අද වන විට ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර, රු.5000 දෙන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව අද වන විට පත්ව තිබෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

රජයේ සේවකයින්ට උත්සව අත්තිකාරම් ලබා දී නොමැති බවත්,ඒ තුළින් ආර්ථික තත්ත්වය බැරෑරුම්කම තේරුම් යන බවත් ඒ මහතා පැවසීය‍.

මේ වසරේ ණය ගෙවීමට නොහැකි රටවල් පිළිබඳ ජාත්‍යන්තර රූපවාහිනි නාලිකාවකින් දැනුම් දුන් බවත්, එලෙස ණය ගෙවිය නොහැකි ඊළඟ රටවල් 5 අතරට ලංකාවත් අයත් විය හැකි බවත් ලෝක මූල්‍ය දර්ශකවල පුරෝකථනය කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2018 දී ආර්ථික දර්ශකවල ලංකාව ස්ථාවරත්වයක් පෙන්නුම් කල ද අද අස්ථාවර තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මූල්‍ය කටයුතු ගැන වාර්තාව ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු බවත් එවැනි සිදුවීමක් මෙතෙක් සිදුව නොමැති බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

අවසන් වරට ආණ්ඩුව විසින් මාර්තු 23 වන දා එවැනි වාර්තාවක් ඉදිරිපත් කළ බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

රටේ වර්තමාන මුදල් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන බවද පැවසු
රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු රටට හෙළි කළ යුතු බවද පැවසීය.

Related posts

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පෙරළියත් අත ළගයි.. මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

colombotoday

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday

වැල්ලව පොලිසිය තාවකාලිකව වසයි

colombotoday

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday