Colombo Today Local News

යහපාලන ආණ්ඩුව කල හොද වැඩේ නිසා කොරෝනාවෙන් රට බේරගත්තේ ජනපති නොවේ මැතිවරණ කොමිසමයි

කොරෝනා වසංගතය පැතිරෙද්දී ඒ සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරය ගනු ලැබුවේ මැතිවරණ කොමිසම විසින් බව ජනතා විහුක්ති පෙරමුණ පවසයි.

මැතිවරණ කොමිසම එම තීන්දුව නොගත්තේ නම් අද කොරෝනා වසංගතය සමාජ වසංගතයක් බවට පත්වනු ඇතැයිද
එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.

එම තත්වයෙන් රට බේරා ගත්තේ මැතිවරණ කොමිසම මිය දේශපාලන නායකත්වය නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවට අවශ්‍ය වූයේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීම පමණක් යයිද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පැවති යහපාලන ආණ්ඩුවට විවේචන තිබුනද එම ආණ්ඩුව ගෙන ආ 19 වන සංශෝධනය හොද එකක් බවත් එය රැක ගැනීමට කටයුතු කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Related posts

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

colombotoday

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ලංකාවේ තියෙන්නෙ කුණු වෙච්ච රාජ්‍ය සේවයක්

Admin

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday