Colombo Today Local News

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

ඉකුත් පාස්කු ඉරිදා දින මෙරට කතෝලික දේවස්ථාන 3ක් හා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් 3ක් ඉලක්ක කරගනිමින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මිලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට මාසයක් සපිරෙනවා.

කතෝලික බැතිමතුන් තම ශාස්තෘෘවරයාණන් මරණයෙන් උට්ඨානය වීම සිහිපත් කිරිම වෙනුවෙන් විශාල පිරිසක් දේවස්ථානවලට පැමිණ සිටි අතර, එල්ලවූ ප්‍රහාරයෙන් 250කට අධික පිරිසක් මියගිය අතර 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

භික්ෂූන්වහන්සේලා, ජාතික සංවිධන කලක පටන්, ශ්‍රී ලාංකිය සමාජය දෙකඩ කරමින් මුස්ලිම් ජන සමාජය අභ්‍යන්තරයේ වැඩෙමින් පවතින බිහිසුණු වහාබ්වාදී අනතුර සම්බන්ධයෙන් දිගින් දිගටම අනාවරණය කර සිටියද, එල්ලය දෙස නොව, ඇගිල්ල දෙස බලා, එල්ලය පෙන්වූ තැනැත්තාට පහරදෙමින් පාලකයන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින වන්දිභට්ටයන්, සියල්ල අවඥාවෙන් නොතකා හැරියේය.

විදේශීය බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි අංශද අවසාන තප්පරය දක්වා අනතුරු අගවා සිටියද, පුරවැසියන්ගේ ආරක්ෂාව බින්දුවට දමා, දේශපාලන බල සූදුවෙන් හිරිවැටී සිටි රට කරවන ඇත්තන්ට වගේ වගක් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ 250කට වැඩි අහිංසකයන් පිරිසකට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවීමය.

Related posts

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

colombotoday

19 වන සංශෝධනය අහෝසි කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි- අගමැති

colombotoday

සතියක් තුළ රු. බිලියන 8.8ක බැදුම්කර ආයෝජන අහිමිවෙයි

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday