Colombo Today Local News

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් සමග දිගටම ආණ්ඩු කරගෙන යෑමට සූදානමක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

“2019 ජනවාරි 8 වැනිදායින් පස්සේ ජනපතිවරණයක් තමයි තියන්න පුවවන්. පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 අගොස්තු 17 වැනිදා වෙනකම් තියන්න බෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයා බලහත්කරකමින් අගමැතිකම අරගෙනත් ඉන්න බැරිවුණානේ. එයා කොහොමද මැතිවරණයක් තියන්නේ. අපිට ඕන විදියට මැතිවරණ තියන්නේ.

අපිට පාර්ලිමේන්තුවේ 106ක් තියෙනවා. වැඩිම ආසන තියෙන පක්ෂය ලෙස අපි ආණ්ඩුව කරගෙන යනවා. ඒ නිසා මහින්ද මහත්තයට කියනවා ජන බලයක් තියෙනවානම අපි තියමු ජනපතිවරණයක් කවුද දිනන්නේ බලන්න.

බෙදිලා වෙන්වෙනා හිටිය එක්සත් ජාතික පෙරමුණේ සියලු දෙනා එක්වි තිබෙනවා. මේ තමයි හොඳම වෙලාව. අපි ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමයි පොහොට්ටුවයි ඔක්කොම එකයි. අපිට නම් අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ අයට අපේක්ෂකයෙක් නෑ.

අපිට නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් අරගෙන ආණ්ඩු කරගෙන යන්න බලනවා. අපි දිගටම TNA සමග ආණ්ඩු කරන්න සූදානම් නෑ. ඒ අයගේ කොන්දේසිවලට එකඟවෙන්න බෑ. එහෙම නොවුණොත් අපි මැතිවරණයකට යනවා තීරණය තියෙන්නේ අපේ අතෙයි.”

Related posts

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

colombotoday

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin