Colombo Today Local News

මාසයක් තුළ බන්ධනාගාර 28කින් දුරකථන 1102ක් සමග හෙරොයින් ග්‍රෑම් 116ක් සොයා ගනී

ගත වු සති 4 තුළ බන්ධනාගාර 28ක් තුළ කළ වැටලීම් වලදී රැඳවියන් සතුව තිබූ ජංගම දුරකථන 1102 ක් ආරක්ෂක අංශ භාරයට හැකි වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම බන්ධනාගාර තුළදීම සොයා ගැනුණු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 116කි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය , කොළඹ මැගසින් බන්ධනාගාරය , වැලිකඩ , බූස්ස , මීගමුව , ගාල්ල , දුම්බර ඇතුළු මෙරට බන්ධනාගාර 28ම ගතවු සති 4 තුළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් හදිසි සෝදිසි මෙහෙයුම් දියත් කළේය.

එහිදි රැඳවූවන් සතුව තිබි ජංගම දුරකථන 1102 ක් සොයා ගැනුණු අතර ඉන් වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් සොයා ගෙන තිබුණේ මීගමුව බන්ධනාගාරයෙනි.

එය 277 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.

එමෙන්ම සිම් කාඩ්පත් 688 ක් මෙන්ම ජංගම දුරකථන බැටරි 1310 ක් ද සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි සොයා ගෙන තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය , කොළඹ මැගසින් බන්ධනාගාරය, මීගමුව හා දුම්බර යන බන්ධනාගාරවලින් සොයා ගෙන තිබු ජංගම දුරකථන හැන්ඩ් ෆ්‍රී ගණන 77කි.

රුපියල් 9999ක මුදලක් සොයා ගෙන තිබුණේ පල්ලන්සේන , පල්ලෙකැලේ , කුරුවිට , දුම්බර හා වැලිකඩ යන බන්ධනාගාරවලිනි.

Related posts

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

colombotoday

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

colombotoday

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday

ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවට

colombotoday