Colombo Today Local News

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ විවිධ දේශපාලකයන් 84 දෙනකුගෙන් 20 දෙනකු මැති ඇමැතීන් බව මධූෂ් ගැන කෙරෙන ඒකාබද්ධ පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ. මේ අයගෙන් පස්දෙනකු මධූෂ්ගේ සමීපතම හිතවතුන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරක්ෂක අංශය පවසයි.

මොවුන් අතර ප්‍රධාන පක්ෂ ගණනාවක් නියෝජනය කරන්නෝ ද සිටිතියිද කියැවේ. මේ අතර සිටින කොළඹට නුදුරු දිශාවක් නියෝජනය කරන එක්තරා බලවත් දේශපාලනඥයකු මෙයට මාස හතරකට පමණ පෙර ඩුබායිහිදී මධූෂ් හමුව ඇතැයිද වාර්තා වෙයි.

මධූෂ් මෙරටට ලබා ගත හැකිද යන්න ගැන විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍යය නියෝජනය කරමින් කොළඹ සිටින තානාපතිවරයා සමඟ විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙයට දින කිහිපයකට පෙර එම සාකච්ඡාව දුරකථනය ඔස්සේ සිදුකර ඇත්තේ ඩුබායි තානාපතිවරයා සිය රට ගොස් සිටින නිසාය. මෙහිදී අදාළ නඩුවේ නීතිමය තත්ත්වය ජනාධිපතිවරයාට තානාපතිවරයා විසින් විස්තර කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

අප වෙත එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන නවතම වාර්තා අනුව ඩුබායි අධිකරණයේ නඩු තීන්දුව ලබා දීමට තවත් මාස 6ක් පමණ ගත විය හැකිය. නඩු තීන්දුවේදී මධූෂ්ට සිර දඬුවම් නියම වුවහොත් ඔහු නැවත ලංකාවට ලැබෙන්නේ දඬුවම හමාර වීමෙන් පසුවය.

Deshaya

Related posts

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්

colombotoday

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

colombotoday

රනිල් ඉවත්කර සන්ධාන ආණ්ඩුවක් හදන උත්සාහය අතහැර නෑ.. සාකච්ඡා සාර්ථකයි

colombotoday