Colombo Today Local News

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

2019 වසරේ ණය ගෙවීම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක් ලබා ගැනීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (2දා) පැවැති වසරේ පළමු කැබිනට් හමුවට ඉදිරිපත් කළ ‘2019 ණය ගෙවීම් අවශ්‍යතා සඳහා මූල්‍යන පත්‍රිකාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පළ කළ දැඩි විරෝධය හේතු කොටගෙන කැබිනට් හමුව ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.

රටේ ණය ගෙවීම් අවශ්‍යතා වෙනුවෙන් අහිංසක ජනතාවගේ ඉතුරුම්වලින් මුදල් ලබා නොගත යුතු බව කියමින් රවි කරුණානායක මහතා මෙහිදී අදහස් පළ කර ඇත.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මලික් සමරවික්‍රම හා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරුන් මංගල සමරවීර ඇමැතිවරයාගේ සහායට අදහස් දක්වමින් එම කැබිනට් පත්‍රිකාව අනිවාර්යයෙන්ම සම්මත කළ යුතු බවට අවධාරණය කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඔවුන් රවි කරුණානායක මහතාට කියා ඇත්තේ එසේ නම් ඒ සඳහා වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන ලෙසටය.

මෙහිදී ඇති වූ ගාලගෝට්ටිය මැද කරුණානායක මහතා තවදුරටත් දැඩිව තම විරෝධය පළ කරමින් එම කැබිනට් පත්‍රිකාව සම්මත කරන්නේ නම් තමන් ඊට එරෙහි වූ බව සටහන් කරන ලෙස අවධාරණය කර ඇත.

එහිදී කරුණානායක මහතාගේ විරෝධය සටහන් කරමින් එම කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන තිබේ.

(මව්බිම)

Related posts

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස්වීමක්

colombotoday

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

Admin