World

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

කළු ජාතික අමෙරිකානුවෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයට විරෝධය පළ කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන විරෝධතා මාලාවන් මේ වනවිට තවත් උත්සන්න වී තිබේ. බි‍්‍රස්ටල් නගරයේ ඉදි කර තිබූ 17 වන සියවසට අයත් දැඩි ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප‍්‍රතිමාවක් ඇතුළු යටත් විජිත යුගයට අයත් පැරණි ප‍්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්, එම ප‍්‍රතිමාවේ ගෙල මත දණ ගසා හිඳිමින්, එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා. පසුව ඔවුන් එම ප‍්‍රතිමාව දියේ ගිල්වා ප‍්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබේ.

විරෝධතාකරුවන් ලන්ඩනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යයාලය ඉදිරිපිටට රැස්වී සිය විරෝධය ප‍්‍රකාශ කරමින් සිටින්නේ විවිධ පාඨ රැගත් පුවරු ද ප‍්‍රදර්ශනය කරමින්ය. ඉන් බොහොමයක “යුක්තිය නැත, සාමය නැත” සහ “කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත” වැනි ප‍්‍රකාශ සඳහන් කර ඇත.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එරට පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමට ගත් කි‍්‍රයාමාර්ග, අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන කොලින් පවෙල් දැඩි ලෙස විවේචනය කළා.

ඔහු පවසන්නේ, විරෝධතා මැඩලීමේ කි‍්‍රයාමාර්ගවලදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමෙරිකානු ව්‍යවස්ථාවට පටහැනිව කි‍්‍රයා කර ඇති බවයි. ඒ සඳහා ජනාධිපති ට‍්‍රම්ප් හමුදාව ද උපයෝගී කරගත් බවට අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයා චෝදනා කරයි.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී තමා ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදියා වන ඩිමොක‍්‍රටික් අපේක්ෂකයාට සහාය දෙන බවයි කොලින් පවෙල් වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ. නමුත් ඊට පිළිතුරු ලෙස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සඳහන් කළේ කොලින් පවෙල් කිසිසේත්ම සැලකිය යුතු පුද්ගලයෙකු නොවන බවයි.

Related posts

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබා ගැනීමට අවසර

colombotoday

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ගුරුවරයෙකුගේ හිස ගසා දැමීමත් සමගම ප්‍රංශය නබි තුමාගේ චාලි හෙබ්ඩෝ කාටුන් පෙන්වයි

colombotoday