Colombo Today Local News

බැංකුවකට ඇතුළු වී මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවේ

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් බැංකුවකට ඇතුළු වී මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) අළුයම වත්තල පොලිස් වසමේ එඩේරමුල්ල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

2020.06.02 වන දින වරකාපොළ නගරයේ පිහිටි බැංකුවකට රාත්‍රියේ ඇතුළු වු පුද්ගලයෙක් මුදල් රුපියල් 18,668,443 ක් හා 28,500 ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් වරකාපොළ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී 2019.11.18 වන දින රඹුක්කන පිහිටි සංවර්ධන බැංකුවකට ඇතුළු වී අනර්ථයක් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවලින් වරෙන්තු 13 ක් නිකුත් වී ඇති අතර, සැකකරු සොරකම් කරන ලද දේපල හා මුදල් සොයා ගෙන සැකකරු ද සමග වරකාපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සොරකම් කළ දේපල අතර, බැංකුවෙන් රුපියල් 1,332,840 ක්, ජංගම දුරකථන 1 ක්, ජාතික හැඳුනුම්පත් 02, සීසීටීවි යන්ත්‍ර හාඩ් ඩිස්ක් 1ක්, හිල්ටි යන්ත්‍රයක්, ඩ්‍රිල් යන්ත්‍රයක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද වෙයි.

සැකකරු වයස අවුරුදු 32 ක් වු වත්තල පදිංචිකරුවෙකි.

සැකකරු අද (22) වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday

විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයි

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday