Colombo Today Local News

බටහිර අලුත්ම ආගම ‘මානව හිමිකම්‘ මේක මායවක්, බොරුවක් – කොළඹ අගරදගුරු මානව හිමිකම් පතුරු ගහයි…

මානව හිමිකම් පහත් කොට සලකමින් හෙලා දකින ශ්‍රී ලංකාවේ කතෝලික කාදිනල් වරයා අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාගේ බරපතල දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

කොලඹ අගරදගුරු පදවියද උසුලන කාදිනල් වරයා ඉරිදා දේව මෙහෙයක දී මානව හිමිකම් හෙලා දුටුවේ “මායාවක්” ලෙස හඳුන්වමිනි.

“බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම්. මානව හිමිකම් කියන ඒවා ආවේ මේ ඊයේ පෙරේදා. හරියට මේ අලුතින් හොයාගත්ත පුදුමාකාර හොයා ගැනීමක් වගේ,” යි මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා කතෝලික බැතිමතුන්ට දේශනා කළේ ඒකළ ශාන්ත මතෙව්ගේ දේවස්ථානයේ දී ය.

ආගම් අදහන්නේ නැති ජනතාවද ඔහුගේ බරපතල හෙලා දැකීමට ලක් විය.

ඒ සම්බන්ධයෙන් පළවූ වාර්තා සත්‍ය වේ නම් එය ලජ්ජා සහගත බව කියැවෙන දැඩි ප්‍රතිචාරයක් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති සාලිය පීරිස් මුහුණු පොතේ පල කොට තිබුනි.

එහි මෙසේ සඳහන් වේ.

“මේ වාර්තාව නිවැරදි නම් මානව හිමිකම් වල ඇති වටිනාකම කාදිනල්තුමා විසින් පහත් කොට සැලකීම ලැජ්ජා සහගතය. මානව හිමිකම් සංකල්ප සම්බන්ධයෙන් ඔහු මහත් අඥාන භාවයක් පල කරන සැටියක් දිස්වේ. ආගමක් කෙරේ විශ්වාසයක් නැති බොහෝ දෙනා ඉන්නා බවද, ආගම බලහත්කාරයෙන් පුද්ගලයන් මත පැටවිය නොහැකි බවද වටහා ගන්නට ද ඔහු අසමත් වෙයි. මෙය ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රගතිශීලී චින්තනයට කොතරම් පටහැනිද? මෙය නිවැරදි නොවේ නම් ඔහු එය ප්‍රතික්ෂේප කළ යුතුය.”

කතෝලික සභාවේ මහනායක ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස පිළිකුලට පාත්‍රවී ඇති මරණීය දණ්ඩනය හෙලා දැක තිබියදී මැල්කම් රංජිත් කාදිනල් වරයා ශ්‍රී ලංකාවේ බෞද්ධ නායකත්වය හා එක්ව ඊට ආශිර්වාද කළේය.

එහෙත්, ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු මණ්ඩලය හා ලංකා ක්‍රිස්තියානි සභාව කාදිනල් හිමිගේ මතය බැහැර කර තිබුනි.

(Radio gagana)

Related posts

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි. තවමත් සොයාගන්න බෑ…

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

මට එරෙහිව රතු නිවේදන නිකුත් කරන යහපාලන ආණ්ඩුව කොටි ත්‍රස්තයන් 150කගේ රතු නිවේදන ඉවත්කරගත්තා

colombotoday

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday