Colombo Today Local News

“පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා” සිංහල නොදන්නා ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික හූල් දමිළ ජනතාවගෙන් ඉල්ලයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ඉල්ලා සිටී. රත්නජීවන් හූල් මෙලෙසට ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනතාවගෙනි.

උතුරේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බවයි.

එවන් බොරු ප්‍රචාර කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙස ඔහු එම සාකච්ඡාවේදී ඉල්ලා තිබේ.

තමන් සිංහල භාෂාව නොදන්නා බවත් එමෙන්ම සිංහලෙන් පලවන කුණු කියවන්නට නොදන්නා බවත් ඔහු එහිදී සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සහයෝගය ලබා දෙන සමහර මාධ්‍ය විශාල වශයෙන් අසත්‍ය පතුරුවමින් ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ යැයි සමහරුන් පවසන බවත් එසේ කියූ විට තමන් තමන්ගේ කටයුතු නතර කරනු ඇතැයි ඔවුන් සිතන බවද ඔහු එහිදී සදහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිවෙකුට වුවත් මැතිවරණය අවුල් කිරීම ඉතා අසීරු කාර්යයක් ඇයිද ඔහු එහිදී තව දුරටත් පවසා ඇත.

Related posts

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට මෙහෙයුම් තවදුරටත්.. නෞකාව සැතපුම් 12ක් ගොඩබිම දෙසට ළඟා වෙලා

colombotoday