Colombo Today Local News

පාස්කු ත්‍රස්තයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් අත්අඩංගුවට

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් පොලීසිය විසින් ඊයේ (22)දින සොයාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රම් විසින් නුවරඑළිය පුහුණු කඳවුරට පුද්ගලයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් බවට එය හඳුනාගෙන ඇත.

අක්කරේපත්තුව පොලිස් වසමේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට පසුගිය මාසයේ එම වෑන් රථය අලෙවිකර තිබියදී මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (22)දින එම රථය සොයාගෙන කාත්තන්කුඩි පොලීසියට භාරදී තිබුණි.

මෙම වෑන් රථය නුවර ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක මාස තුනක කාලයක් තබා තිබුණ ද එය විකුණා දැමීමට නොහැකි වූ නිසා සැප්තැම්බර් මස සමන්තුරේ ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක් වෙත ගෙනවිත් දමා ඇති බවට අනාවරණය වී තිබේ.

එහි තිබියදී සැප්තැම්බර් මස 04වන දා අදාළ රථය වර්තමාන හිමිකරු විසින් මිලදී ගෙන ඇති බව හෙළිවුණි.

මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිද්ධියට සම්බන්ධ සැකපිට පසුගිය අප්‍රේල් 25වන දින කාත්තන්කුඩි හීදී අත්අඩංගුවට පත් මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රම් නමින් මිලදී ගෙන භාවිතා කරන ලද තවත් කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ද රිස්වි නගරයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

ඒ, පසුගිය 16වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව ය.

Related posts

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

“නිරෝධායනයට යොමු කරන කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ “- යුද හමුදාපති

colombotoday

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday

ආරක්ෂක හමුදාවට එරෙහි චන්ද්‍රිකාගේ අවලාදවලට එරෙහිව මහින්දගෙන් තදබල නිවේදනයක් !

colombotoday