Colombo Today Local News

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

නව වසර උදාවුයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරිමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

නව වසර උදාවත් සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇති බවට තමාට දැඩිව විශ්වාස බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම ලැබූවා වූ නව වසර සමස්ත ජනතාවටත් දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උදාවන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

Related posts

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

අතරුදන් පනතට සහය වූ සියළු දෙනා මරා දැමිය යුතු ද්‍රෝහීන් – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

Admin

“ජිනීවා යෝජනාවට අනුව කටයුතු කරන්න අප බැඳී සිටිනවා” අගමැති චැනල් 4ට කියයි

colombotoday