රට වටා

දේශද්‍රෝහීන් ලෙස නම්කර සිටි වෙල්ලස්‌සේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීම අද

1818 ඌව වෙල්ලස්‌ස ප්‍රථම නිදහස්‌ අරගලයට දායක වීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්‌ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01 වැනිදා) ප.ව. 4.00 ට මහනුවරදී පැවැත්වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ සංවිධානයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල්මඩුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවයේදී විරුවන් 82 දෙනකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ නිල ගැසට්‌ පත්‍රය ජනාධිපතිතුමන් විසින් අත්සන් කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ උපදෙස්‌ මත අධිකරණ අමත්‍යාංශය විසින් පත්කරන ලද මහචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය මාලනී ඇදගම, මහාචාර්ය අනුර මනතුංග, ආචාර්ය කේ. ඩී. විමලරත්න හා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ යන විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්‌ විසින් මෙම විරු නාමලේඛනය නිර්දේශ කර ඇත.

දේශයේ නිදහස හා ස්‌වෛරීත්වය වෙනුවෙන් අරගල කිරීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් විසින් දේශෙද්‍රdaහීන් ලෙස ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කළ විරුවන් එම අවමන් සහගත නාමකරණයෙන් මුදාලීම ජාතික වගකීමක්‌ව පැවතිය ද වසර දෙසීයකට ආසන්න කාලයක්‌ පුරා එම වගකීම ඉටුකිරීම අතපසුව තිබිණි. ඒ අනුව මෙම වසරේ මාර්තු 02 වැනිදට උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වර්ෂ 202 ක්‌ වූ සම්පූර්ණ වීම නිමිත්තෙන් එම විරුවනට නිසි ගෞරවය පුදකිරීම මෙම ජාතික මහෝත්සවයේ අරමුණ වේ.

මල්වතු අස්‌ගිරි උභය පාර්ශ්වීය මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනාව හා මඟපෙන්වීම සහිතව සංවිධානය කෙරෙන මෙම ජාතික උත්සවයේ ශ්‍රී දළදා මාලිගාවේ සම්ප්‍රදායානුකූල චාරිත්‍ර විධි ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් ඓතිහාසික මඟුල් මඩුවේදී ගැසට්‌ පත්‍රය අත්සන් කිරීමේ සුවිශේෂී අවස්‌ථාව සම්භාවනීය අයුරින් සිදුකිරීමට නියමිතය.

මීට සමගාමීව දේශීය නිදහස්‌ අරගල පසුබිම කරගත් නිර්මාණාත්මක ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්වලින් සමන්විත උත්සවයක්‌ දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර මෙහිදී විෂයානුබද්ධ ආරාධිත දේශනය මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා විසින් සිදුකරනු ලැබේ

Related posts

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

වෛද්‍යවරු වැඩ වර්ජනයක

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday

රොෂාන් මහානාමගෙන් බෝගස්වැව වෙහෙරතැන්නට පාසලක්

colombotoday

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday