Colombo Today Local News

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ජයන්ති ඇත් රාජා මියයි

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම කර වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති” ඇතා මිය ගොස් තිබේ.

ඊයේ (29)දින මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය.

වයස අවුරුදු හතරේදී දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී රුපියල් 5000ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දී එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා විසින් එම ඇතා මිලදී ගෙන තිබුණි.

මෙම ඇතා “පොඩි රාජා” නමින්ද, හඳුන්වයි.

1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ජයන්ති නම යොදා ඇත.

ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසක පෙරහැර අවස්ථාවන්වලට සහභාගී වී ඇති “පොඩි රාජා” 2016 වසරේ සිට කිහිප වතාවක් ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩමවා ඇත.

මෙම ඇතා 2017 වසරේ ශ‍්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරේ ප්‍රථමවරට සදාතුක කරඬුව වැඩම වූ බව වාර්තා වේ.

Related posts

එජාපයෙන් අපිව පැන්නුවේ ආණ්ඩුවේ උපදෙස් අනුව සජිත්ගේ වර්ධනය දැක බයවෙලා

colombotoday

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන ගැහිල්ල

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday

යහපාලනය නාවික හමුදා බිල්ල, ඩී.කේ.පී දසනායකට සේවා දිගුවක් නොදී ගෙදර යවයි.

colombotoday