Colombo Today Local News

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් බි්‍රතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය සුබපැතුම් පිළිගන්වා ඇත.

බ්‍රීතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් 71 වන ජාතික දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කර තිබේ. 

එමෙන් ම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද මහ රැජිණ සිය බලවත් සතුට පළ කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා ද 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා අනෝ්‍යන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බව සඳහන් කරන වැලැඞ්මීර් පුටින් මහතා ජනතා අභිලාෂයන් මල් පල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වන බවට ද විශ්වාසය පළ කර ඇත.

මේ අතර ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ද ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
71 වන ජාතික දිනය සමරන සියලු සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කරන ඉන්දීය ජනාධිපතිවරයා සිය ආදරණීය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර ඇත.

අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබිඳෙන සබඳතාවයකි. සමීප සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී අන්‍යෝන්‍ය වශයෙන් වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්ධනය වනු ඇති බව ද ඉන්දීය ජනාධිපති රාම් නාද් කෝව්න් මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට දුම්රිය ධාවනය නවතී

Admin

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

colombotoday

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව 23දා යුනෙස්කෝවට…

colombotoday