Colombo Today Local News

ජනපති කොමිසම හමුවේ සාක්ෂි දුන් වෛද්‍යවරියකට තර්ජන

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදුවුනැයි කියන දූෂණ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඊයේ  ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ගිය වෛද්‍යවරියකට එහි හිටපු වැඩ බලන අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන යන අය විසින් තර්ජනය කර ඇති බවට වාර්තා වෙනවා..

2015 සිට 2018 දක්වා කාලයේ දී රාජ්‍ය ආයතනයන්හි සිදුව ඇති වංචා දූෂණ පිළිබදව ජනාධිපති කොමිසම මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවට සදහන් වේ.

මෙම තර්ජනය කිරීම සම්බන්ධව කොමිසමේ පොලිස් ඒකකයට වෙනම පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

කිසියම් සාක්ෂිකරුවෙකුට බලපෑම් සහ තර්ජන එල්ල වන්නේනම් අදාළ කොමිසම මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කොමිසමේ බලතල අනූව පියවර ගන්නා බව ජනාධිපති කොමිසම ශ්‍රී වෙත කියා සිටියා.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂක විසින් සිදු කරන බව කියන දූෂණ පිළිබදව සාක්ෂි ලබා දී තිබුනේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය විසිනි.

Sri Puwath

Related posts

ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin

කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේ

Admin

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday