Colombo Today Local News

චම්පික, හකීම්, ෆොන්සේකා, සුමන්තිරන්, මංගල, මලික්, අනුර කුමාර දේ.පලිගැනීම් කොමිසම පැහැර හැරි පුද්ගලයන් ලෙස නම් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, එම්. ඒ සුමන්තිරන් සහ අනුර කුමාර දිසානායක මෙන්ම හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇතුළු තවත් කිහිපදෙනකු කොමිසම පැහැර හළ පුද්ගලයන් වශයෙන් නම් කරන බව දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (26)දින පැවසීය.

යුද හමුදා විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු හා ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය යන මහත්වරුන් මෙම කොමිසමට යොමු කළ පැමිණිලි ඊයේ විමර්ශනයට ගත් අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා විසින් එලෙස නම් කරනු ලැබීය. ඒ අනුව ඉහත කී පාර්ශ්වයන්ට අමතරව එම පැමිණිලි දෙකෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, ජනාධිපති නීතීඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙන්ම දූෂණ මර්දන කමිටුවේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජයපාල යන අයද කොමිසම පැහැර හැරී පුද්ගලයන් වශයෙන් නම් කරන බව මෙහිදී දැනුම් දුන්නේය. මෙම වගඋත්තරකරුවන් අතරින් කිසිදු අයකු කොමිසම හමුවේ පෙනී නොසිටි නිසාත්, පෙනී නොසිටීමට හේතු නොදක්වා ඇති නිසාත් ඔවුන් කොමිසම පැහැර හැරී පුද්ගලයන් යැයි සලකන බවට සභාපති විනිසුරුවරයා තීරණය කළේය.

කෙසේ වෙතත් හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙම පැමිණිලිවලට අදාළව සතියක් ඇතුළත කරුණු දක්වන බවට මෝසමක් එවා තිබුණ ද එය සභාපති විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Related posts

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

colombotoday

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

colombotoday

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියාගේ මළ සිරුර කටුනායකට

colombotoday

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday