Colombo Today Local News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ විශේෂඥ මණ්ඩලයේ වාර්තා ලැබෙන තෙක් සාෆිගේ නඩුව කල් යයි

කුරුණෑගල ශික්ෂණ රෝහල් ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ විශේෂඥ මණ්ඩලයේ  වාර්තා ලැබෙන තෙක් දෙසැම්බර් 12 දක්වා කල් තබන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (09) නියෝග කළේය.

සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථා වලදී මව්වරුන් වද භාවයට පත්කළ බවට සහ අයථා අයුරින් වත්කම් ඉපයීම යන චෝදනා කීපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයාට එරෙහිව මෙම   නඩුව ගොනුකර ඇත.

අද නඩුව කැදවූ අවස්තාවේදී අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව විසින් පිටු 12 කින් යුතු වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහිදී සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතා කියාසිටියේ කුරුණෑගල රෝහලේ  නියොජ්‍ය අධ්‍යක්ෂවරයා තමන් සහ තම පවුලේ පිරිස් පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවත් එය පරීක්ෂණ වලට බාධාවක් වන බවයි. ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.

කොළඹ කාසල් රෝහලේ සහ සොයිසා රෝහලේ කරන ලද පැලෝපීය නාල පරීක්වෂාන් පිළිබඳ වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු විය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් ලබාගත් ප්‍රකාශ කීපයක් ද සීඅයිඩීය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. 

විත්තිකරු වෙනුවෙන් ජනධිපති නීතිඥ බණ්ඩාර නවරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර අගතියට පත් මව්වරුන් වෙනුවෙන් ජනධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් ව සිටියහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයේ විශේෂඥ මණ්ඩලය විසින් මව්වරුන් පිළිබඳව කළ යුතු පරීක්ෂණය සම්බන්ධව වාර්තා ඉදිරිපත් කරන තුරු දෙසැම්බර් 12 දක්වා කාලයකට නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

Related posts

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

බහුජාතික සමාගම්වලට අසීමිත බදු සහන.. රටේ ආර්ථිකය හාන්සියි.. දේශීය ව්‍යාපාරිකයෝ ජනපතිට ලියයි

colombotoday

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

Admin

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

Admin

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

colombotoday

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin