Colombo Today Local News

කේරළ ගංජා තොගයක් සමග හිටපු මන්ත්‍රී අත්අඩංගුවට !

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා සුඛෝපභෝගී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

සැකකරු හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

කැබ් රථයකින් කේරළ ගංජා බෙදාහැරීමට යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හිටපු මන්ත්‍රීවරයා තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ ද රියැදුරු වීරකැටියේ පදිංචිකරුවකු වන බව පොලිසිය සඳහන් කරයි.

කේරළ ගංජා ප්‍රවාහනය කළ කැබ් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.

Related posts

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ OIC කූඩුවට

colombotoday

ලාබෙට දෙන්න රටින් ගෙනා හාල්වල අධික විෂක්.. කෑවොත් මිනිස් ජීවිත අනතුරේ !!

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday