Colombo Today Local News

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් තුමන් පවසති.

ඒ අනුව සෞ‍ඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන් පිළිගැනීම සියලුදෙනාගේම වගකීම වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැල්කම් කාදිනල් තුමන් සඳහන් කළෝය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් තුමන්,

“කොවිඩ් උවඳුර ආරම්භ වුණ වෙලාවේ දී ඒ සඳහා විශාල කැපකිරීමකින් සේවය කරපු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අපේ නිලධාරී මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් සියලුදෙනාටම අපි ඒ විදියට ස්තූතිවන්ත වෙමින්, ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපඳින්නට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, ජන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය ඇසුරු කරන කොට මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඉටුකළ යුතුයි අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් ලොකු උනන්දුවකින් ඉෂ්ට කිරීමට කැපවෙමු.“

Related posts

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday