Colombo Today Local News

කතානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ?

පාර්ලිමේන්තුව දිගින් දිගටම අස්ථාවර කිරීම, කූට ලේඛන සැකසීම ආදී කරුණු ගණනාවක් පදනම් කරගනිමින් කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් සූදානම් වන බවට වාර්තා වේ.

කථානායකවරයා විසින් තමන් වෙත ඉදිරිපත් නොකරන ලද විශ්වාසභංගයක් සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු කර, ජනතා පරමාධිපත්‍ය හෑල්ලූ කිරීම, ගණනය නොකර මන්ත‍්‍රීවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව ප‍්‍රකාශයට පත් කිරීම ආදී හේතු නිසා කරු ජයසූරිය මහතා තවදුරටත් කථානායක තනතුරේ

රැඳී සිටීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට හෙළීමක් බැවින්, පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා පළමු පියවර ලෙස මෙම ක‍්‍රියාමාර්ගය අනුගමනය කරන බව එම මන්ත‍්‍රීවරු පිරිස පෙන්වා දෙති.

Related posts

“එල්ටීටීඊකාරයකුට ටෙලිකොම් විකුණන්න යන්නේ”

Admin

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Admin

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

colombotoday

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

පිටකොටුව දෙවන හරස් වීදියත් වැසෙයි

colombotoday