28 C
Colombo
5 April 2025
Colombo Today Local News

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගැනීම සඳහා මහජනතාවට රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (12) පැවසීය.

මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1000 කට වැඩි මුදලක් වැයවන බවට මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙන නිසා පාර්ලිමේන්තු නියෝජිතයන් 196 දෙනා (ජාතික ලයිස්තු 29 හැර) තෝරා පත්කර ගැනීමට ජනතාව විසින් එක් අපේක්‍ෂකයකු වෙනුවෙන් රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වැයවන බව පෙනීයන බවද ඒ මහතා කීවේය.

මෙපමණ මුදල් ප‍්‍රමාණයක් වැයකර තෝරා පත්කර ගන්නා අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම ජනතාව සතුව පවතින බවත් ජනතාව විසින්ම අපේක්‍ෂකයන් තෝරාගෙන පසුව බණිනවා වෙනුවට රටට පලදායී සේවාවක් කළ හැකි, අක‍්‍රමිකතාවලින් තොර අය පත්කර ගන්නා ලෙස තම සංවිධානය ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

පැෆරල් සංවිධානය විසින් මේ වන විට මැතිවරණයට අදාළ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි භාර ගන්නා බවත් පෙරේදා (11) වන විට මැතිවරණයට අදාළව පැමිණිලි 651 ක් වාර්තා වී ඇති බවත් කී හෙට්ටිආරච්චි මහතා මෙම සිද්ධි අතර කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා වී නැතැයිද කීය.

Related posts

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

ගල් කොරියකින් අල්ලස් අරන් හසුවූ ගම්පහ මිලාන් ජයතිලක පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලයි. ජනතාව නොසතුට පළකර සිටියි.

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

(VIDEO) අයවැයට එරෙහිව බැංකු සේවකයෝ දහස් ගණනක් විරෝධයේ

colombotoday

කොවිඩ් රීති කඩා හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට

colombotoday

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday