Colombo Today Local News

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

අලුතින් පත්කර තිබෙන කැබිනට් මණ්ඩලයේ ඇතැමුන්ට චෝදනා තිබුණත් වැරැදිකරුවන්වී සිටින කිසිවකු කැබිනෙට්ටුවේ නැතැයි විදුලි සන්දේශ, ඩිජිටල් පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

රවි කරුණානායක මහතාට එල්ලවී ඇත්තේ චෝදනාවක් පමණකැයිද ඒ මහතා වැරැදි කර ඇත්නම් අධිකරණය හමුවේ නඩු පවරා වැරැදිකරුවකු බවට ඔප්පු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.

දේශපාලනඥයන්ට චෝදනා එල්ල කිරීම සාමාන්‍ය දෙයක් බවත් ඕනෑම සැකකරුවකු අධිකරණයක් මඟින් වැරැදිකරුවකු කරනතුරු ඔහු නිවැරැදිකරුවකු බවත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙවර පත්කර සිටින කැබිනට් මණ්ඩලය තුළ දක්ෂ, ක්‍රියාශීලී, අවංක පිරිසක් සිටින බවද ඉදිරි වසර තුළ රට ගොඩනඟා ජනතාවත්, ජනතාවගේ ජීවන තත්ත්වයත් නඟා සිටුවීම මේ කණ්ඩායමේ එකම අරමුණ වී තිබෙන බවද කී ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය එකට එකතු වී ජව සම්පන්න ගමනක් යනු ඇතැයි තමාට විශ්වාස බවද කීය.

(මව්බිම)

Related posts

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්තයින් සහරාන්ගේ දේශනා අසා රැඩිකල්කරණය වූ බව කියයි

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

colombotoday

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin