Colombo Today Local News

අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයදුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයදුම්කරුවන්ට මෙලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ.

ඒ අනුව www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර ලබන මස 15 වන දිනට පෙර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දෙයි.

එලෙස ඉදිරිපත් වන අභියාචනා සැළකිල්ලට ගනිමින් සුදුසුකම් ලබන උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීමට අපේක්ෂා කරන බවයි ජේ.ජේ. රත්නසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ.

Related posts

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

ඇමරිකානු තානාපති සමග සම්බන්ධන් රහස්‌ කතාවක

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday