World

අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කරන්න යන කෝටිපතියා

“යම් මිනිස් ක්‍රියාකාරකමක් හෝ ස්වාභාවික හේතුවක් නිසා පෘථිවියේ යම් හෝ විනාශකාරී දෙයක් වුවහොත්, ජීවිත රක්ෂණයක් වගේ යම් විකල්පයක් තිබිය යුතුයි.”

එසේ පැවසුවේ ලෝක ප්‍රකට SpaceX සමාගමේ ප්‍රධාන විධායකයා වන එලෝන් මස්ක් ය.

දශක දෙකක කාලයක් පුරා ඔහු, පෘථිවියට විකල්පයක් ලෙස අඟහරු ග්‍රහයා මත ජනාවාස ඇතිකිරීම පිළිබඳ ව අදහස් පළ කරයි.

මෙය වෙනත් රජයයන් වැඩි උනන්දුවක් නොදක්වන කරුණකි. ඒ එය මිල අධික ක්‍රියාවලියක් වන බැවිණි.

මස්ක් තම අන්තර්-ග්‍රහලෝක සිහිනය ගැන විස්තර කරන්නේ විද්‍යා ප්‍රබන්ධයක් විලසිනි.

එවැනි දෙයක් උත්සාහ කිරීමට පවා දැරිය යුතු වියදම ඉතා විශාල විය හැකිය.

අඟහරු මත ජනාවාස බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කිරීමට SpaceX සමාගමට තවත් වසර ගණනාවක් ගත වෙතැයි අනුමාන කෙරේ.

එහෙත්, ග්‍රහලෝක තරණයට අවැසි අභ්‍යවකාශ යානයක් නිෂ්පාදනය කිරීමට එම සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඔවුන් තවමත් සිටින්නේ එහි ප්‍රථමික අදියරේ ය. එය යානව Starship ලෙස හඳුන්වයි.

එම යානය සුවිසල් රොකට්ටුවකින් සහ අභ්‍යවකාශ යානා පද්ධතියකින් සමන්විත ය. එම යානය නිර්මාණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර දුර සැතපුම් මිලියන 30කි. Starship යානය යොදාගෙන ආහාර සහ මිනිසුන් අඟහරු ග්‍රහයා මතට යැවීම මස්ක් ගේ අභිප්‍රායයි.

Related posts

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday