පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අගමැතිවරයා ඉවත් කළ යුතු බවට සිදුකෙරෙන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය ජාතික අණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවන බවත් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් හෙතෙම කියා සිටී.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.