Colombo Today Local News

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

fonseka gammanpilaෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධායකයන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය හා එක්වීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පිවිතුරු හෙළ උරුමයට හිමිවන අපේක්ෂකධුර සඳහා එම ආසන සංවිධායකයන් නම්කිරීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම කටයුත්තේ පළමු අදියර ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකවරුන් 08 දෙනෙකු පිවිතුරු හෙළ උරුමයට සම්බන්ධ කර ගැනීමේ උත්සවය පෙබරවාරි මාසයේ මුල් සති දෙකතුළදී බදුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ

Related posts

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

colombotoday

ලංකාවට විණ කළ ලොක්කෝ හතරක් ට්‍රම්ප් නියෝගයෙන් ඉවතට.. ඊළාම් ඩයස්පොරාව කැළඹෙයි

colombotoday

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin