Colombo Today Local News

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ඇති අර්බුදය ඉදිරි දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී නිරාකරණය කරගනු ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් නොදුන්නේ ජනපතිගේ විරෝධය නිසාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

“දේශපාලන ගැටලුවක් තියෙනවා. ඉදිරි දින කිහිපයේදී ඒවා විසඳා ගන්නට හැකිවේවි. සරත් ෆොන්සේකා මහතා දේශපාලනඥයකු මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් හැටියට ක්‍රියාකාරීත්වය ජනපති ආරක්ෂක ප්‍රධානියා ලෙස ගළපාගන්නේ කෙසේ දැයි මතයක් පැන නැගී තිබෙනවා.”

ෆොන්සේකා මහතා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්, ෆීල්ඩ් මාර්ෂල් විශ්‍රාමික නිලධාරියෙක් බවත් ඔහුට වෙනත් ධුර දැරිය හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශය මීට පෙර සඳහන් කර ඇතැයි වජිර අබේවර්ධන මහතා කීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

Related posts

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

colombotoday

කොළඹ යෝක් වීදිය අවහිර කරමින් අන්තරේ තවදුරටත් විරෝධයේ..

colombotoday

2010 ෆොන්සේකාට ජන්දය දෙන්න පුලුවන්නම් ගෝඨාභයට දෙන්න බැරි ඇයි – කරුණා අම්මාන් දෙමල සන්දානයෙන් අසයි

colombotoday

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

මහින්ද, ඔයාව වැලිකඩ ඇරලයි අපි නවත්තන්නේ – දඹර අමිල හිමි

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday