ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ ශෝක පණිවිඩය රැගෙන පැමිණි වතිකානයේ ෆිලෝනි කාදිනල්තුමන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඊයේ (22) හමුවී අපේ‍්‍රල් (21) පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා ශෝකය පල කර ඇත.
මෙම හමුව කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සිදුව ඇති අතර එහිදී නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි වන දාන ශාලාව සඳහා මුල් ගල තැබිම ෆිලෝනි කාදිනල්තුමන්ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සමාජිකයින් රැසක් සහභාගීවි සිටියහ.