Colombo Today Local News

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය හෙට(23)සිනා සිට ඉදිරියටත් අඛණ්ඩව ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවලින් දුම්රිය නොනවත්වා ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 8ක, හලාවත මාර්ගයේ දුම්රිය ස්ථාන දහයක සහ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක දුම්රිය නොනවත්වා ධාවනය කරනු ලබයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය කොළඹ කොටුව සිට පොල්ගහවෙල, රඹුක්කන, මහනුවර, ගනේවත්ත, මහව යන දුම්රිය ස්ථානයන් දක්වා ධාවනය කෙරේ.මරදාන, දෙමටගොඩ, කැලණිය, වණවාසල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත යන දුම්රිය ස්ථානවල එම දුම්රියන් නොනවත්වා ධාවනය කෙරේ.

හලාවත මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කෙරෙන අතර එම මාර්ගයේ මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, හොරපේ, රාගම, පේරලන්ද, කුරණ, මීගමුව සහ කට්ටුව යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරේ.කැලණිය මාර්ගයේ කොළඹ කොටුව සිට කොස්ගම අවිස්සාවෙල්ල යන දුම්රිය ස්ථාන දක්වා දුම්රිය ධාවනය කෙරෙන අතර මරදාන සහ බේස්ලයින් පාර දුම්රිය ස්ථාන වල දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ.

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර, දකුණු කලුතර, අලුත්ගම, හික්කඩුව, ගාල්ල, මාතර, බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

ජනපති මෛත්‍රී ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි

colombotoday

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday

“අනිත් වර්ජනවලදීත් ජනතාව මේ වගේම ක්‍රියාත්මක විය යුතුයි” – මැර ප්‍රහාරය ගැන එස්.බී. කියයි

colombotoday

බැදුම්කර දුරකථන ඇමතුම් ගැන අහද්දී සුජීවට යකා නගී.. නාමල් සමග සැරටම පැටලෙයි (Video)

colombotoday