Colombo Today Local News

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් නමැති සමාගම විසින් මඩකලපුව පූනානි ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලයට අයත් ඉඩම මහවැලි අධිකාරිය මගින් ශ‍්‍රී ලංකා හිරා පදනම වෙත 2013 වසරේ ජූලි මස 12 වැනිදා ග‍්‍රාමීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා ලබා දී ඇතැයි මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පෙරේදා (17 වැනිදා) කියා සිටියේය.

ඉදිකරමින් පවතින එම විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ සිට එවා ඇති ඇමරිකන් ඩොලර් මිලියන 100 කට අධික මුදලක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකරන බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

2016 වර්ෂයේ මාර්තු මස 04 වැනිදා සිට 2017 වර්ෂයේ ජුනි මස 07 වන විට බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් නමින් ඇති ගිණුමට මිලියන 3640 ක මුදලක් ලැබී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවටත්, ශ‍්‍රී ලංකා හිරා පදනම සහ බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් යන දෙකම කොළඹ 08 ප‍්‍රදේශයේ ලිපිනයකින් ලියාපදිංචි වී ඇති බවටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

2018 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා ලංකා බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ ශ‍්‍රී ලංකා හිරා පදනමට අයත් ගිණුමට සෞදි අරාබියේ සමාගමකින් මිලියන 40 යි දශම 2 ක්, ඇමරිකන් ඩොලර් මිලියන 2 යි දශම 09 ක් සහ ඇමරිකන් ඩොලර් මිලියන 04 යි දශම 08 ක මුදලක් ලැබී ඇති බවට අනාවරණය වී ඇති හෙයින් ශ‍්‍රී ලංකා හිරා පදනමේ මොහොමඞ් හිස්බුල්ලා, අහමඞ් හිරාස් හිස්බුල්ලා, මොහොමඞ් ලෙබ්බේ අලින් මොහොමඞ් හිස්බුල්ලා, මොහොමඞ් සහබ්දීන් මොහොමඞ් ඉක‍්‍රම්, කමල් ධර්මසිරි තෙන්නකෝන් ඇතුළු නව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 08 දෙනාගේ ගිණුම් වාර්තා ලබාදෙන ලෙස අදාළ බැංකු බලධාරීන්ට නියෝගයක් ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය. ඊට අදාළ නියෝග ලබාදුන් මහෙස්ත‍්‍රාත්වරිය වැඩිදුර විමර්ශන පවත්වා කරුණු වාර්තා කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

Related posts

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

පක්ෂ විවස්තාවට අනුව ජනාධිපතිවරණයට එනවා – කරූ ජයසූරියගෙන් නිවේදනයක්

colombotoday

තායිවානයේ බැංකු සොරකමක් මාට්ටුයි.. ජනපතිවරණ “හංසයා” පක්ෂයේ සභාපති අත්අඩංගුවට !

colombotoday

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

colombotoday