Colombo Today Local News

සියලු විහාරස්ථානවල රතන සූත‍්‍රය සජ්ඣායනා කරන්නැයි අගමැති ඉල්ලයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රටට හා ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කරයි.

වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එබැවින් මෙම අර්බුද හමුවේ දිවයිනේ සියලු විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ජනතාවටත් ආශිර්වාදය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related posts

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday

අනවශ්‍ය බලපෑම්වලට බලවත් විරෝධය.. රටට හිතැති වෘත්තිකයෝ මෝදිට ලිඛිතව දන්වයි

colombotoday

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

නුවරඑළිය මහ නගර සභා නාගරික මන්ත්‍රිගේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිනි තියලා

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin