Colombo Today Local News

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

ෆේස්බුක් හරහා ජාතින් අතර සමගිය කඩවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකු ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන මස 9 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර තිබේ.

සැකකාර සිසුවා මුස්ලිම් ජාතිකයෙකු බවත් , ඔහු සිංහල නමකින් පෙනීසිට ෆේස්බුක් මාධ්‍ය හරහා ජාතින් අතර සමගිය කඩවන ආකාරයෙන් ප්‍රකාශ නිතුත් කිරීමේ වරදක් සිදුකර ඇතැයි රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම නඩුව අද(26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කරුණු ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 9 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර තිබේ.

Related posts

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ල

Admin