Colombo Today Local News

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

අද (18)දින උදෑසන කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දුව, සුදුවැලිපොත මාර්ගය අසළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයා සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු එය මනුෂ්‍ය ඝාතනයක් බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහුගේ මුහුණ ප්‍රදේයේ පහරදීමකින් ඇතිවු තුවාල ද දක්නට ලැබී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වු බෝගහවෙල, ඌරගස්මංහන්දිය ප්‍රදේ‍ශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ

colombotoday

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා – විශේෂ බලකාය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි !

colombotoday

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday