Colombo Today Local Newsextremism & terrorism activities

සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි

කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කොට මොහොමඞ් සහරාන් ඇතුළු 06 දෙනකු විසින් ප‍්‍රහාරයක් එල්ල කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දින 10 කට පෙර තමන්ට තොරතුරු ලබාදුන් බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (26) බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ පොලිස් පරීක්‍ෂක බී.ජේ.කේ. අබේවික‍්‍රම මහතා හෙළි කළේය.

ඒ සමයේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ රාජ්‍ය බුද්ධි අංශය, විශේෂ කාර්යංශය හා අනෙකුත් විශේෂ බුද්ධි අංශ විසින් බුද්ධි තොරතුරු නිසි ලෙස සංනිවේදනය කර නොගැනීම නිසා මෙම ප‍්‍රහාර වළක්වා ගැනීමට තිබු අවස්ථාව නැති වී ගිය බව කොමිසම හමුවේ පිළිගත් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා ප‍්‍රහාරයෙන් අනතුරුව බුද්ධි තොරතුරු සියලුම බුද්ධි අංශ සමඟ හුවමාරූ කරගැනීම නිසා ඉතා කෙටි කාලයක් තුළ සැකකරුවන් අල්ලා ගැනීමට හැකිවු බවත් කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් 100 කට අධික පිරිසක් ලංකාවේ සිටින බව මා දන්නා නමුත් මුස්ලිම් අන්තවාදී මත දරණ පිරිස් තුර්කිය හරහා සිරියාවට යවන බව තමා දන්නේ නැතැයි හෙළි කළ ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් මෙරට සිටින බව තොරතුරු මුලින්ම හෙළි වුණේ 2015 – 2016 වසරවල බවත් මුස්ලිස් අන්තවාදී මත දරණ පිරිස් මරදාන ප‍්‍රදේශයේදී හමුවන බව තමා දන්නේ නැතැයි පිළිගත් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා මුස්ලිම් අන්තවාදය පිළිබද මාධ්‍ය මඟින් දැනගත් තොරතුරු වලට අමතරව පාස්කු ප‍්‍රහාරයට පෙර වෙනත් තොරතුරු බුද්ධි නිලධාරීන් විසින් තමන්ට ලබා නොදුන් බවද පැවසීය.

පාස්කු ප‍්‍රහාරයට පෙර දින රාත‍්‍රීයේදී මෙන්ම පාස්කු ප‍්‍රහාරය සිදුවු දින උදෑසනදීත් පාස්කු ප‍්‍රහාරය පිළිබදව තොරතුරු පොලිසියට ලැබී තිබුණත් එම තොරතුරු තම අංශයට නොලැබුණු බව පැවසු බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල වු පසුව තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බ අඩංගු විශාල පාර්සලයක් එල්ලාගෙන කොළඹ සිට දෙහිවල දක්වා ගමන් කර තිබුණත් කිසිදු බුද්ධි අංශ නිලධාරීයකුට ඔහු ඇස ගැටී නොමැති බවද පිළිගත්තේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියගේ මෙන්ම කොමිසමේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා මහතා (සභාපති) අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්‍ෂ සහ බන්ධුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශ‍්‍රාමික අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. මංගලිකා අධිකාරී මහත්මියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ පොලිස් පරීක්‍ෂක බී.ජේ.කේ. අබේවික‍්‍රම මහතා එම කරුණු හෙළි කළේය

Related posts

මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්‍රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයි

colombotoday

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

ශ්‍රී ලංකාවේ පීචංම අගමැති රනිල් – ඩිලාන් පෙරේරා

colombotoday

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

Admin

ඉෂාලිනිගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස අධිකරණයෙන් නියෝග

colombotoday